Tuesday, 19 January 2021
රැජිනිකාන්ත් දේශපාලනයට එක්වන ලකුණු

රැජිනිකාන්ත් දේශපාලනයට එක්වන ලකුණු

දකුණු ඉන්දීය සුපිරි සිනමා තරුවක් වන රැජිනිකාන්ත් දේශපාලනයට එක්වීමට සූදානම් වන බවට ඉඟි කර ඇතැයි  වාර්තා වේ.

ඔහුගේ නවතම ක්‍රියාදාම චිත්‍රපටය වන 'ලින්ගා' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමේ  වැඩසටහනට සහභාගී වූ 63 හැවිරිදි රැජිනිකාන්ත් මෙම ඉඟිය ලබාදී තිබේ.

එම වැඩටසනට පැමිණි පිරිස අමතමින් ඔහු පවසා ඇත්තේ ඔහු මෙතෙක් දෙවියන් විසින් පෙන්වා දුන් මාර්ගයේ ගමන් කළ බවත් දෙවියන්ගේ කැමැත්ත ඔහු දේශපාලනයට එක්වීම නම් ඔහු ජනතාවට සේවය කරන බවත්ය.

එමෙන්ම දේශපාලනය භයානක සහ ගැඹුරු බව සහ දේශපාලනයට බය නැති නමුත් එක්වීමට පසුබට වන බවද ඔහු පවසා තිබේ.

දෙමළ, හින්දි සහ තෙලිඟු යන භාෂා තුනෙන්ම ප්‍රදර්ශනය  වීමට නියමිත 'ලින්ගා' චිත්‍රපටය රැජිනිකාන්ත්ගේ උපන් දිනය යෙදෙන දෙසැම්බර් 12 වනදා නිකුත්වීමට නියමිත වේ.

මෙම චිත්‍රපටය  සඳහා සංගීතය සපයා ඇත්තේ ඔස්කාර් සම්මානලාභී සංගීතඥයෙකු වන ඒ. ආර්. රහුමාන් විසිනි.