Thursday, 26 November 2020
×

Warning

JUser: :_load: Unable to load user with ID: 205
දයාසිරිගේ තවත් වැඩක් එළියට එයි

දයාසිරිගේ තවත් වැඩක් එළියට එයි Featured

වයඹ පළාත් මහඇමති දයාසිරි ජයසේකර විසින් කොටස් 60කින් යුක්ත තවත් ටෙලියක තේමා ගීතයක් ගායනා කිරීමට එක්ව තිබේ.

ඔහු මෙසේ මෙවර තේමා ගීය ගයා ඇත්තේ ප්‍රවීණ නිළි ශ්‍රියානි අමරසේන විසින් අධ්‍යක්ෂණය කරන ලද ''ගුවන් පාලම'' ටෙලිය වෙනුවෙනි.

මේ ගීයේ යුග ගායනයට නෙලූ අධිකාරී, දයාසිරි සමඟ එක්ව ඇත.

''ගුවන් පාලම'' ටෙලියේ ඇතැම් රූගත කිරීම් සිදුකර ඇත්තේ ස්විට්සර්ලන්තයේය.

ප්‍රකට තිර නාටක රචකයකු වන සුනන්ද සිල්වා විසින් ''ගුවන් පාලම'' ටෙලියේ පිටපත ලියා තිබේ.

ධනංජය සිරිවර්ධන, තිසුරි යුවනිකා, මොරින් චාරුනී, සංකේත් වික්‍රමගේ, දෙව්මිනි වෙළගෙදර, රංගන ප්‍රේමරත්න, රත්නාලාලනි ජයකොඩි, අජිත් ලොකුගේ, සුදර්ශනී ගැලනිගම, සුසන්තා චන්ද්‍රමාලී හා රංජිත් රූපසිංහ යන නළු නිළියෝ චරිත මවති.

ලන්ඩනයේ වෙසෙන විමල් අලහකෝන්, ශිරෝමි මාතරගේ හා රොෂාන් වීරපුරගේ යන අය විසින් මෙහි නිෂ්පාදන කාර්ය සිදු කර ඇත.

දයාසිරි හා නෙලූ ගැයූ ගීය පහත දැක්වේ.

Last modified on Monday, 17 November 2014 06:59