Thursday, 26 November 2020
×

Warning

JUser: :_load: Unable to load user with ID: 205
රන්ජාට පුරුදු බල්ටිය වැරදිලා !

රන්ජාට පුරුදු බල්ටිය වැරදිලා ! Featured

ජනප්‍රිය නළු, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට හුරුපුරුදු බල්ටියක් වැරදී අත උලුක්කුකරගෙන සිටින බව වාර්තා වේ.

මේ බල්ටිය ගසා ඇත්තේ හිරු සිනමා සම්මාන රාත්‍රියේදී බිපාෂා, විවේක්ලා, සුනිල්ලා හා අනිල්ලාට පේන්න බව ද පැවසේ.

ඒ සම්මාන උළෙලෙදි බිපාෂයි අනුලුයි මැද්දෙ ඉඳගත්ත රන්ජාට ඒ දෙන්නා කෝටියක් ප්‍රශ්න දැමූ බවද පැවසේ.

අනිල් ළගින් ඉඳගත්ත ගමන් රන්ජාගෙන් ඔබ නළුවෙක්දැයි (Are Your Actor ?) විමසූ බවද ඔහු කියා සිටී.

මුළු ලොකෙම තමා දන්නා බව සිතාගෙන එතන ඉඳගත් බවද පවසන රන්ජන් විජය කුමාරතුංග තමාගේ මාමා බව කියමින් තමා හඳුන්වාදීමට උත්සාහ කළත් ඔවුන් ඔහුව හෝ නොහඳුනන බවද රන්ජන් සඳහන් කළේය.

ඉන් පසුව විජය විවාහ වී සිටියේ හිටපු ජනපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග සමඟ බව කී පසු ඔවුන් ඇය නම් හඳුනන බව පැවසූ බවත් රන්ජන් පැවසීය.

අනිල්, නිළි රැජින මාලිනී ෆොන්සේකා හෝ නොදන්නා බව කී රන්ජන් පූජා උමාශංකර් ස්ටේජ් එකට නැග්ග පසු බිපාෂා කව්ද ඒ යැයි ඇසූ බවද ඔහු කීය.

අනිල් හෝ බිපාෂා රවින්ද්‍ර රන්දෙනියවත් නොහඳුනන බවද, කෙසේවවුද වයස අවුරුදු 70ක් වෙලත් රවින්ද්‍රෙග් කඩවසම් බවට නම් බිපාෂාද වශී වූ බවද රන්ජන් කියා සිටී.

Last modified on Monday, 17 November 2014 07:23