Tuesday, 19 January 2021
×

Warning

JUser: :_load: Unable to load user with ID: 205
සුනිල් තවත් වැඩකට මිලිනා අල්ලගෙන

සුනිල් තවත් වැඩකට මිලිනා අල්ලගෙන Featured

සම්මානලාභී අධ්‍යක්‍ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ අලුත්ම චිත්‍රපටය වන "පත්තිනි" චිත්‍රපටයේ මුහුරත් උළෙල ඊයේ (30)  කොළඹදී පැවැතිවිණි.

චිත්‍රපට නිෂ්පාදිකාවක් හා ව්‍යපාරික කතක් වන මිලිනා සුමතිපාල මහත්මිය මෙහි නිෂ්පාදිකාව ලෙස කටයුතු කරනු ලබයි.

දකුණු ඉන්දියාවේ මදුරෙයි නුවර "කන්ණගී" නමින් පතිවෘත ධර්මය ඉළින්ම ආරක්‍ෂා කළ ශ්‍රේෂ්ඨ කාන්තාව පසුකාලීනව දේවත්වයෙන් පිදුම් ලබන "පත්තිනි දේවිය" ඇසුරෙන් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කෙරේ.

මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ සුනිල්ගේ පෙර අධයක්ෂණය වූ  "කුසපබාවතී" චිත්‍රපටයේ පබාවතිගේ චරිතය රඟපෑ පූජා උමා ශංකර් විසින්මය.

කණ්‌ණගීගේ සැමියා කෝවලන් ලෙස උද්දික ප්‍රේමරත්නත්, මාධවී නමුති නාටිකාංගනාවගේ චරිතය අරුණි රාජපක්‍ෂ විසිනුත් නිරූපනය කිරීමට නියමිතය.

ඊට අමතරව වීණා ජයකොඩි, රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ලකී ඩයස්‌, ජයලත් මනෝරත්න වැනි ප්‍රවීණ රංගන ශිල්පියෝද මීට එක්ව සිටිති.

මෙය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්‍ෂණය කරන විසිවැනි චිත්‍රපටයයි.

එය සුමති චිත්‍රපට සමාගමේ හයවැනි චිත්‍රපටය වේ.

 සුනිල් ආරියරත්නයන් අධ්‍යක්‍ෂණය කළ "උත්පලවණ්‌ණා" හි නිෂ්පාදකවරියද වූයේ මිලිනා සුමතිපාලය.

පත්තිනි රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ ජනවාරි මාසයේ සිට රූගත කෙරේ.

රන්මිහිතැන්නේ රූගත කෙරෙන දෙවැනි සිංහල චිත්‍රපටය "පත්තිනි" ය.

එහි රූගත කළ පළමු සිංහල චිත්‍රපටයද මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ "කුසපබා" ය.

චන්න දේශප්‍රිය මෙහි කැමරාව මෙහෙයවන අතර  ආචාර්ය රෝහණ වීරසිංහ ඊට සංගීතය සපයනු ලබයි.

එහි නිෂ්පාදන කළමනාකාරිය ලෙස මනෝහරි හේවාවසම්කටයුතු කරනු ලබයි.

වේෂ නිරූපණය සමීර කිඳෙල්පිටිය විසින් සිදු කිරීමට නියමිත අතර කලා අධ්‍යක්‍ෂණය බිමල් දුෂ්මන්ත විසින් සිදු කර තිබේ.

Last modified on Monday, 17 November 2014 07:05