Tuesday, 19 January 2021
×

Warning

JUser: :_load: Unable to load user with ID: 205
දීපිකා ශාරුක්ගේ පුතා සමඟ රඟපාන්න කැමතිලු

දීපිකා ශාරුක්ගේ පුතා සමඟ රඟපාන්න කැමතිලු Featured

මේ දිනවල තිරගත වන ශාරුක් ඛාන් රඟන නවතම චිත්‍රපටය වන 'හැපි නිව් ඉය'හි කුඩා දර්ශනයක් සඳහා ඔහුගේ බාල පුතු වන ඒබ්‍රම්ද එක් කරගෙන තිබුණි.

සුරතල් ඒබ්‍රම්ගේ රංගනය නැරඹූ බොහෝදෙනා ශාරුක් සමඟ ඔහු පිළිබඳ වර්නණා කර ඇති අතර ඒ අතරින් ශාරුක් වඩාත්ම කැමති වී ඇත්තේ දීපිකා විසින් පැවසූ කාරණයටයි.

ශාරුක් පවසන අන්දමට දීපිකා ඒබ්‍රම්ගේ සුරතල් පෙනුමට බෙහෙවින් කැමති වී ඇති අතර ඇය පවසා ඇත්තේ ඔහු සමඟ ඇගේ මීළඟ චිත්‍රපටයේ රඟපෑමට කැමති බවයි.

එමෙන්ම ඒබ්‍රම් පිළිබඳ අදහස් දක්වමින් ශාරුක් පවසා ඇත්තේ ඔහු iPad උපාංගය භාවිතා කරමින් එහි එන A B C නාද වලට සවන් දෙමින් කෙළිදෙලින් කාලය ගත කරන බවයි.

හපි නිව් ඉය චිත්‍රපටය මේ වන විට ඉහළ ජනප්‍රියත්වයක් දිනාගැනීමට සමත්ව ඇති අතර එය ප්‍රදර්ශනය ආරම්භ කිරීමෙන් අනතුරුව පළමු සතිය තුල ඉන්දියානු රුපියල් කෝටි 108.86ක් උපයා ඇති බව වාර්තා වේ.

Last modified on Monday, 17 November 2014 07:25