මේ සම්බන්ධය වසර 4ක් පමණ තිබූ බවත්, ඔහු නිට්ටඹුවේ අයෙක් බවත් පැවසේ.
කෙසේවුවද ඔහු ශාලිකා කලා කේෂත්ර යේ කටයුතු කිරීම සම්බන්දයෙන්ද කැමැත්තක් නොවූ බවද වාර්තා වේ.
මේ අතර බිඳුන ආදරය ගැන ශාලිකා කියනනේ තමා කාටවත් බොරුවට ජොලියට ආදරය නොකරන බවයි.
ඒ වගේම තමා ගොඩක් ආදරය සොයන කෙනෙක් බවත්, එසේම ආදරයට ගරු කරන කෙනෙක් බවත් ඇය පවසන්නීය.
පුංචි තිරයේ හා රිදි තිරයේ නිළියක් වූ ඇය මේවන වන විට ඉන් එහාට යමින් වේදිකා නාට්‍ය නිළියක් බවටද පත්ව සිටී.
ඇය මේ දිනවල නෙයිනාගේ සූදුව වේදිකා නාට්‍යයේ චරිත මවන්නීය.
එසේම ළඟදීම ඇයගේ තවත් චිත්‍රපට රංගන දෙකක් බොනික්කි හා බුද්ධි යන සිනමා පට තුලින් දැකගත හැකි බවද වාර්තා වේ.