Friday, 30 October 2020
හොලිවුඩ් ප්‍රථම වතාවට රතු නාස් දිනය සමරයි

හොලිවුඩ් ප්‍රථම වතාවට රතු නාස් දිනය සමරයි Featured

බ්‍රිතාන්‍යය, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල ප්‍රචලිත රතු නාස් දිනය (Red Nose Day) මෙම වසරේදී ඇමෙරිකානු කාලාකරුවන්ද ප්‍රථම වතාවට සමරා ඇති බව වාර්තා වේ.

මිනිසුන් සිනහා ගැස්වීම රතු නාසය පැළදීමේ අරමුණ වන අතර රතු නාස් දිනයේ තේමාව වන්නේ දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන්ගේ සහ තරුණ තරුණියන්ගේ ජීවිත වෙනස් කිරීමයි. එහිදී සමාජය ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා ආධාර රැස් කිරීම සිදුකරයි.

අදට (21) යේදී ඇති රතු නාස් දිනය සමරමින් හොලිවුඩ් තරුද විකටයන් විසින් භාවිතා කරන රතු නාසයක් පළඳමින් සහයෝගය දක්වා තිබේ.

කිම් කඩෑශියන් විසින් පළමු ඡායාරූපය අන්තර්ජාලයට එක් කර ඇති ඇති අතර ක්‍රිස්ටිනා ඇගියුලේරා, ඩේවිඩ් ඩව්කොව්නි, ඇන්ඩි කෝහන්, කේල් රිචාඩ්ස් වැනි හොලිවුඩ් තරු රැසක්ද රතු නාසය පළඳා ඡායාරූප එක් කර ඇත.

(ඡායාරූප- ඩේලි මේල්/ හොලිවුඩ් ලයිෆ්)

RedNose2 600px 15 05 21

RedNose1 600px 15 05 21