ජනප්‍රිය නිළි රශ්මිණි පබෝධා සංදීපනී කලක් තම නම කෙටි කොට රශි පබා සංදීපනී ලෙස භාවිත කළාය.
කෙසේවුවද විවාහයෙන් පසුව රශී පබා කලාවෙන් තරමක් ඈත්ව සිටියාය.
වර්තමානය වන විට එම නමට ඉතා සමාන නමක් ඇති තවත් නිළියක සිටින්නීය.
ඇය රශි ප්‍රභා සංදීපනීය.
මේ දිනවල ටෙලි නාට්‍ය කිහිපයකටම සිය රංගන දායකත්වය සපයන රශි ප්‍රභාට පසුගිය දිනක රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට ආරාධනයක් ලැබී තිබේ.
කෙසේවුවද රශි ප්‍රභාට මේ ආරාධනය කල රූපවාහිනී නාලිකාවේ අය සිය පුතුද රැගෙන එන්නැයි පවසා තිබේ.
රශි ප්‍රභාට තරුවිසිවී ඇත්තෙත් එවිටය කසාද නොබැන්ද ඇයට පුත්තු නැතැයි කියමින් ඇය අදාල ආරාධනය කළ අයට පවසා තිබේ.
මේ අතර, රශි ප්‍රභාව රූගත කිරීමකට රැගෙනයාමට පැමිණි රියදුරෙක් රශීගේ අසල් වැසියන්ගෙන් ගීතා කාන්තිගේ නිවස තිබෙන්නේ කොහේදැයි විමසිමේ පුවතක්ද වාර්තා වේ.