Tuesday, 19 January 2021
‘යේසුස් මෛත්‍රී බුදුන්ද?’ 19 වැනිදා

‘යේසුස් මෛත්‍රී බුදුන්ද?’ 19 වැනිදා

ජීසස් ඉන් ඉන්ඩියා (Jesus in India) කෘතියේ සිංහල පරිවර්තනය යේසුස් මෛත්‍රී බුදුන්ද? කෘතිය එළිදැක්වීම 2015 මාර්තු 19 සවස 2.30ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

හස්රත් මිර්සා ගුලාම් අහමද්ගේ විසින් රචිත මේ කෘතිය සිංහලට පරිවර්තනය කොට ඇත්තේ ගොයුම් එවරස්ට් ආරච්චිගේ සහ කේ. කේ. සමන් කුමාර විසිනි. 

මෙදින කතිකාව හසිත අබේවර්ධන විසින් මෙහෙයවනු ලබයි.

සරත් ඉද්දමල්ගොඩ පියතුමා, බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් සුජිත් අක්කරවත්ත මහතා සහ සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ අධ්‍යාපන මණ්ඩලයේ හිටපු ලේකම් ප්‍රියන්ත දයාරත්න මහතා මේ සම්බන්ධව අදහස් දක්වනු ඇත.

යේසුස් මෛත්‍රී බුදුන්ද? ඉතිහාසය, පුරා විද්‍යාව, මානව විද්‍යාව, දේවධර්මය මෙන්ම තුලනාත්මක ආගමික අධ්‍යයනය යන ක්ෂේත්‍රයන්හි විද්වතුන්ට මෙන්ම පාඨක සැමට රසවත් අත්පොතකි.

මෙහි කවර නිර්මාණය දිනිඳු සිරිවර්ධනගෙනි. යේසුස් මෛත්‍රී බුදුන්ද? සයුර ප්‍රකාශනයකි.

JesusINI 600px1 15 03 05