Tuesday, 19 January 2021
දස්කොන් අදින්නේ ඇහැළේපොළ කුමාරිහාමිගේ ඇදුම්

දස්කොන් අදින්නේ ඇහැළේපොළ කුමාරිහාමිගේ ඇදුම් Featured

සුගත් සමරකෝන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ ඇදුම් දැන් ඇත්තේ ස්වර්ණවාහිනියේ විකාශය වන ජැක්සන් ඇන්තනි අධ්‍්‍යක්ෂණය කරන ‘දස්කොන්’ ටෙලිනාට්‍යයේ බව වාර්තා වේ.

ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ ඇදුම් දස්කොන් වෙත ගොස් ඇත්තේ ජැක්සන් අදාල සිනමා පටයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ලෙස කරන ලද රංගනයට එහි නිෂ්පාදක ගයාන් රණධීර මුදල් නොගෙවීම නිසා බව ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත වාර්තා වේ.

නැත්නම් ජැක්සන්ගේ රංගනය වෙනුවෙන් ඔහුට ගෙවීමට තිබූ රුපියල් ලක්ෂ 10ක මුදලට හිලව්වෙන්නට ගයාන් ජැක්සන්ට ඇහැළේපොළ කුමාරිහාමි සිනමා පටයට යොදාගත් ඇදුම් ආයිත්තම් දි තිබේ.

මේ ඇදුම් සකස්කර ඇත්තේ වෙනුක නැමැති ඇදුම් නිර්මාණ ශිල්පියා විසිනි.

මේ ටෙලියට ඉන්දීය නිළියක වන පූඡා උමාශංකර් ප්‍රමිලා ලෙස එක්ව සිටින අතර, ජැක්සන්ගේ පුත් අකිල ධනුද්ධර දස්කොන් ලෙස චරිත මවයි.

Last modified on Friday, 06 March 2015 16:10