Tuesday, 19 January 2021
ඩිලානිට රිදී රැයට ඇතුල්වීම තහනම් කරලා

ඩිලානිට රිදී රැයට ඇතුල්වීම තහනම් කරලා Featured

‘’රිදී රැයක් සහ අපේ රැයක්’’ මෙවර පැවැතියේ ඇමරිකාවේ ඇරිසෝනාහිදීය.

ඒ පසුගිය පෙබරවාරි 08 වැනිදාය.

කෙසේවුවද දැනට ඇමරිකාවේ පදිංචිව සිටින ජනප්‍රිය නිළියක් වූ ඩිලානි අබේවර්ධනට මේ රාත්‍රියට ඇතුළුවීමට නොහැකිවූ බව වාර්තා වේ.

නොඑසේ නම් රිදී රැය ගමට ආවත් ඩිලානිට ඒ සදහා ඇතුල්වීමට අවසර ලැබී නොමැත.

ඒ ලංකාවෙන් ගිය නිළියන් කිහිපදෙනෙක් ඊට විරෝධතාවය පල කළ නිසාය.

සිංහල චිත්‍රපට 50කට පමණ රංගනයෙන් දායක වී ඇති ඩිලානිට මේ අවස්ථාව අහිමිවීම සම්බන්ධයෙන් ඇය කනස්සල්ලෙන් සිටින බවද පැවසේ.

මාලිනී ෆොන්සේකා, සංගීතා වීරරත්න, වීණා ජයකොඩි, ශ්‍රියානි අමරෙස්න, රවින්ද්‍ර රන්දෙණිය, ජැක්සන් ඇන්තනි, ක්ලීටස් මෙන්ඩිස්, ටෙනිසන් කුරේ, සාරංග දිසාසේකර, රොෂාන් රණවන හා චන්න, උපුලි නැටුම් කණ්ඩායමේ සාමාජිකයන් මෙන්ම චන්න විජේවර්ධනද මේ සදහා එක්වූහ.

10277481 705644329550825 5680266526765029797 n10981162 705644326217492 7836351718710270846 n1

Last modified on Monday, 02 March 2015 15:48