Tuesday, 19 January 2021
වසර විස්සක් තිරගත වූ බොලිවුඩ් චිත්‍රපටය

වසර විස්සක් තිරගත වූ බොලිවුඩ් චිත්‍රපටය

ඉන්දීය සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපටයක් වන 'දිල්වාලේ දුල්හානියා ලේජායින්ගේ' (නිර්භීත හදවතක් ඇත්තාට මනාලිය හිමි වේ) වාර්තා බිඳ දමමින් මුම්බායේ විසි වසරක් නොකඩවා තිරගත වූ එකම චිත්‍ර පටය බවට පත් වෙයි.

විසි වසරක් සපුරමින් අවසන් වරට ඊයේ (19 වනදා) තිරගත වන මෙම චිත්‍ර පටය සුප්‍රසිද්ධ බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහ කාජල් විසින් ප්‍රධාන චරිත වලට පණ පොවන ලද අතර පළමු වරට තිරගත වුයේ 1995 ඔක්තෝම්බර් මාසයේදීය.

බොලිවුඩ් සිනමා රසිකයන් අතර ඉතා ජනප්‍රියත්වයට පත් මෙම සිනමා පටය ලන්ඩන් නගරයේ ජීවත් වන තරුණියක් සහ තරුණයෙකු යුරෝපීය සංචාරයක දී හමු වී පෙමින් බැඳීම වටා ගෙතුනු හාස්‍ය මුසු ආදර කතාවකි.

මීට පෙර ඉන්දියාවේ වැඩිම කාලයක් නොකඩවා තිරගත කළ චිත්‍ර පටය ලෙස වාර්තාවක් පිහිටුවා තිබුණේ බොලිවුඩ් සිනමාවේ රජු හැටියට සලකන අමිතාබ් බච්චන්, සුප්‍රසිද්ධ නළු රාජේන්ද්‍රන් සහ හේමා මාලිනි ප්‍රධාන චරිත නිරූපනය කළ ශෝලේ චිත්‍ර පටයයි.

ශෝලේ සිය වාර්තාව පිහිටුවා තිබුණේ නොකඩවා වසර පහක් සිනමා හලක තිරගතවූ චිත්‍ර පටය ලෙසිනි.

(ජායා)

DiwaleD1 600px 15 02 20