Tuesday, 19 January 2021
මත්පැන් වලට විකිණෙන සිත්තම්

මත්පැන් වලට විකිණෙන සිත්තම්

චිත්‍ර ප්‍රදර්ශන වල නිර්මාණ සාමාන්‍යයෙන් විකිණෙනුයේ මුදලටයි.

එහෙත් මුදලට නොව මත්පැන් වලට කලා නිර්මාණ විකිණෙන ප්‍රදර්ශනයක් පිළිබඳව රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නුවරින් වාර්තා වේ.

මෙම ප්‍රදර්ශනය අද දිනයේදී පැවැත්වෙන අතර, 1920 -1930 දශක වල සාමාන්‍ය ක්‍රමවේදයක් යළි ස්ථාපිත කිරීම මෙමගින් අදහස් කරන බව සංවිධායකයන් පවසා තිබේ. මෙම දශක වලදීද කලා නිර්මාණ මත්පැන් වලට අලෙවි වූ බව ඔවුන් පවසයි.

මෙම අවස්ථාවට යා හැක්කේ වයස 18ට වැඩිනම් පමණි. රුසියාවේ මත්පැන් පානය කළ හැකි නීත්‍යානුකූල වයස අවුරුදු 18ක් වේ.

කෙසේ වෙතත්, කලාව මත්පැන් වලට සමාන නොකළ යුතු බවත්, මෙමගින් මත්පැන් ප්‍රවර්ධනය කිරීමක් සිදුවන බවත් සංවිධාකයන් හට චෝදනා එල්ල වී තිබේ.