Tuesday, 19 January 2021
‘අද වගේ දවසක තාගෝර්’

‘අද වගේ දවසක තාගෝර්’

සංස්කෘතික විමුක්ති ගිවිසුම (CCL කණ්ඩායම සංවිධානය කරන සාහිත මධු සාදය - මහජන සම්භාෂණය පෙබරවාරි 14 ජාතිකවාදී මෛත‍්‍රියට එරෙහිව විශ්වීය පුරවැසියෙකුගේ සිහිනය’ යන මැයෙන් රාජගිරිය" පාක් ලේන් හි අංක 1003/4 ස්ථානයේ පිහිටි ‘ත‍්‍රිකෝණි’ සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

 තාගෝර්ගේ සාහිත්‍ය කෘතියක් පදනම් කොටගෙන සත්‍යජිත් රායි විසින් නිර්මාණය කළ ‘ඝරේ බායිරේ’ (Home and the world)  සිනමා කෘතිය ප‍්‍රදර්ශනය කරමින් එදින පස්වරු 1.00 ට‍ ආරම්භවේ.

 එහිදි රබීන්ද්‍රනාත් තාගෝර්ගේ සංස්කෘතික දේශපාලන පුනර්ඡීවන ව්‍යාපාරය පිළිබඳව සාකච්ඡා වන අතර තාගෝර්ගේ ගෝරා ඇතුළු චාරුලතා" තැපැල් මහත්තයා" කබුලිවාලා මෙන්ම එරික් ඉලයප්ආරච්චිගේ ‘තාගෝර්-ආදරවන්තයාගේ කතිකාව’ නමැති වියමන ද මෙහිදී කියවීමට ලක් වේ.

  සුනිල් විජේසිරිවර්ධන" ධර්මසිරි පතිරාජ" අශෝක හඳගම" සීතා රංජනී" එස්.ජී. පුංචිහේවා" අනෝමා රාජකරුණා" හිනිඳුම සිනිල් සෙනෙවි සහ විදර්ශන කන්නන්ගර ඇතුළු සංවාද මණ්ඩපය විසින් එදින සවස 4.30 ට තාගෝර්ගේ සංස්කෘතික ප‍්‍රතිසංස්කරණ හා

බෙංගාල පුනරුදය ගැන අදහස් පල කිරීමට නියමිත ය.

 එම සංවාද මණ්ඩපය නදීකා බණ්ඩාර විසින් මෙහෙයවනු ලබන අතර තාගෝර්ගේ ගීතාංජලී කාව්‍යයේ එන ගී කවි ගායනා කරමින් රසාලිප්ත කරනුයේ චන්ද්‍රසෝම බිංදුහේවා විසිනි.

Last modified on Wednesday, 11 February 2015 10:57