Tuesday, 19 January 2021
අර්ජුන් ගේ එලාම් එක ජැකී ලු

අර්ජුන් ගේ එලාම් එක ජැකී ලු

රෝයි චිත්‍රපටයේ රූගතකිරීම් අතරතුරේදී තමා අවදි කරවන උදෑසන එලාම් නාදය ලෙස කටයුතු කර ඇත්තේ ජැකලින් ෆර්නැන්ඩිස් බව බොලිවුඩ් නළු අර්ජුන් රාම්පාල් පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය හා පැවති සම්මුඛ සාකච්ඡාවකදී ය.

‘ඇය තමයි මගේ උදෑසන එලාම් එක. රෝයි රූගතකිරීම් සිදුකරන කාලයේදී ඇගේ නවාතැන පිහිටා තිබුනේ මගේ නවාතැන අසලයි. හැමදාම මට ඇහැරෙන්නේ කෙනෙක්ගේ හිනා හඞටයි සද්දෙටයි. ඒ කෙනා තමා ජැකලින්,’ යැයි ඔහු පවසා තිබේ.

ජැකලින් ගේ දක්ෂතා පිළිබඳවද අර්ජුන් කතා කර ඇත්තේ ප්‍රශංසනාත්මක ස්වරයෙනි.