තහිටි දූපත්වාසී තරුණියන් දෙදෙනෙකු ගවුගුයින් සිතුවමට නගා තිබුණේ 1892 වසරේදීය. "ඔබ මාව විවාහ කරගන්නවාද" යන සිංහල අරුත් දෙන නමක් ඊට යොදා ඇත.
මේ දක්වා ස්විස් ජාතික චිත්ර එකතු කරන්නෙකුට එය අයිති වී තිබුණ ද එය කටාරයේ කෞතුකාගාරය සඳහා මිලදී ගෙන ඇති බව නිල නොවන වාර්තා සඳහන් කරයි.
මෙය කලා නිර්මාණය සඳහා ලැබුණු වැඩිම මිල ලෙස වාර්තා පොතට එක්වේ.
මීට පෙර එම වාර්තාව වූයේ ඩොලර් මිලියන 259කට අලෙවි වූ පෝල් සෙසානේ ගේ චිත්රයකි.