Tuesday, 19 January 2021
ෆ්‍රෝසන් අළුත් කතාවක් ලබන මාසයේදී!

ෆ්‍රෝසන් අළුත් කතාවක් ලබන මාසයේදී!

ලොව බාල මහළු සැම අතර අතිජනප්‍රිය සජීවීකරණ චිත්‍රපටයක් වූ ෆ්‍රෝසන් චිත්‍රපටයේ උණුසුම ලබන මාසයේදී යළිත් ඉහළ යාමට නියමිත බව පැවසේ.

ඒ, ෆ්‍රෝසන් චිත්‍රපටය ඇසුරෙන් තැනුනු කෙටිකතාවක් හරහාය.

ෆ්‍රෝසන් ෆීවර් (Frozen Fever) ලෙස නම් කර ඇති මෙම විනාඩි 7ක කෙටිකතාව සඳහා ෆ්‍රෝසන් චිත්‍රපටයේ හඞකැවීම් ශිල්පීන්, අධ්‍යක්ෂකවරුන් හා ගීත රචකයන්ද යළිත් එක් ව තිබේ.

මෙම කෙටිකතා පුවතේදී ආනා කුමරිය සිය සොයුරිය වන එල්සා කුමරිය වෙනුවෙන් උපන්දින සාදයක් සූදානම් කරයි. කෙසේ වෙතත්, එල්සා හට හෙම්බිරිස්සාව වැළඳීමත් සමග අනපේක්ෂිත සිදුවීම් රැසක් සිදුවේ. එසේ වන්නේ මායා චරිතයක් වන එල්සා ගේ හෙම්බිරිස්සාව සාමාන්‍ය අයෙකුට වැළඳෙන හෙම්බිරිස්සාවක් මෙන් නොවන බැවින් යැයි නිෂ්පාදකවරුන් පවසා සිටියි.

ඩිස්නි සමාගමේ මීළඟ චිත්‍රපටය වන සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටය තිරගත වීමට පෙරාතුව මෙම කෙටි චිත්‍රපටය තිරගතවීමට නියමිතය. සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටය මාර්තු 13 දා ඇමෙරිකානු සිනමාහල් වලද අප්‍රේල් 03 දා බ්‍රිතාන්‍යයේ සිනමාහල් වලද තිරගත වීමට නියමිතය.

ෆ්‍රෝසන් ෆීවර් කෙටි චිත්‍රපටයේ දසුන් කිහිපයක් පසුගියදා එළිදැක්වුණු අතර, ඒවා පහත දැක්වේ.

Frozone1 600px-15 02 05