Tuesday, 19 January 2021
මයිකල් ඇන්ජෙලෝ කළ ලෝකඩ ප්‍රතිමා දෙකක්

මයිකල් ඇන්ජෙලෝ කළ ලෝකඩ ප්‍රතිමා දෙකක්

ඉතාලි ජාතික පුනරුදයේ චිත්‍ර ශිල්පියෙකු සහ මූර්ති ශිල්පියෙකු වූ මයිකල් ඇන්ජෙලෝ විසින් කළ දැනට ඉතිරිව තිබෙන ලෝකඩ ප්‍රතිමා ලෙස සැලකෙන නිර්මාණ දෙකක් තමන් විසින් හඳුනා ගෙන ඇති බවට විශ්වාස කරන බව බ්‍රිතාන්‍යයේ කළා ශිල්ප විශේෂඥයෝ පවසති.

මීටරයක් පමණ උසින් යුත් එම ලෝකඩ කැටයම්වල නිර්මාණය වන්නේ මාංශ පේශි හොඳින් නිරුපනය කෙරෙන ශක්තිමත් නිරුවත් පුරුෂයන් අඳුන් දිවියකු පිට නැගී යන ආකාරයක්.

අත්සනක් තබා නැති එම නිර්මාණ 16 වැනි ශත වර්ෂයට අයත් බවට විශ්වාස කෙරෙන අතර ඒවා වෙනත් අප්‍රකට ප්‍රතිමා ශිල්පීන් විසින් කළ නිර්මාණ ලෙස මෙතෙක් සලකනු ලැබුවා.

එහෙත් මයිකල් ඇන්ජෙලෝගේ ගෝලයකුගේ චිත්‍රයක් මගින් මෙම නිර්මාණවල සම්භවය පිළිබඳ වැදගත් තොරතුරු අනාවරණය වූ බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කළා ශිල්ප විශේෂඥයෝ පවසති.

(බීබීසී සංදේශය)