Tuesday, 19 January 2021
රන්බීර් එක්ක රඟපෑම ජැකීට සිහිනයක් ලු

රන්බීර් එක්ක රඟපෑම ජැකීට සිහිනයක් ලු

බොලිවුඩ් ලොව නැගී එන ජනප්‍රියතම යොවුන් නළුවෙකු වන රන්බීර් කපූර් හා එක්ව රඟපෑමට ලැබීම සිහිනයක් බව ශ්‍රී ලංකාවේ රූරැජිනක් හා බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් පවසයි.

මේ වන විට රෝයි චිත්‍රපටය වෙනුවෙන් රන්බීර් හා අර්ජුන් රාම්පාල් සමග එකට රඟපාන ජැකලින්, මේ සමබන්ධයෙන් අදහස් දක්වා ඇත්තේ මෙසේය.

'මුලින්ම හමුවුනාම රන්බීර් හරිම නිශ්ශබ්දයි. ඔහු ලැජ්ජාශීලීයි කියලා මට හිතෙනවා. ඒත් එකට රඟපාන්න ගත්තට පස්සේ මට තේරුම් ගියා ඔහුගේ ඒ ජවය පිළිබඳව. රන්බීර් මා එක්ක දෙබස් කියද්දි මට හිතෙන්නේ ඇත්තටම  ඔහු මාත් එක්ක කතා කරනවා කියලා. එය මට වඩාත් හොඳ නිළියක් වෙන්න උදව් වෙනවා.'

මේ අතර, ජැකලින් වැඩිදුරටත් පවසන්නේ මර්ඩර් 2 වැනි චිත්‍රපටයක රඟපෑම පිළිබඳව තමාට කෙදිනකවත් පසුතැවීමක් නොමැති බවයි.

'මර්ඩර් 2 තමයි මගේ පළමු සාර්ථක චිත්‍රපටය. මෝහිත් සූරි හා වැඩ කිරීමේ අත්දැකීම මම එතනින් ලැබුවා. එම චිත්‍රපටයෙන් මට අවස්ථා ගොඩක් වුණා,' යැයි ඇය වැඩිදුරටත් පවසා තිබේ.