වසර 2014 දී සුවිශේෂීම සජීවීකරණ නිර්මාණ ඇගයූ 42වැනි ඇනී සම්මාන උළෙල පසුගියදා ලොස් ඇන්ජෙලස් නුවරදී පැවැත්වුණි.
වසරේ හොඳම සජීවීකරණ විශේෂාංගය ලෙස සම්මාන ලැබීමට 'හව් ටු ට්රේන් යුවර් ඩ්රැගන් 2' සමත් විය.
ඊට අමතරව, හොඳම අධ්යක්ෂණය, විශේෂාංග චරිත නිර්මාණකරණය, ස්ටෝරිබෝඩ් කිරීම හා සංගීතය සඳහා සම්මාන ද මෙම චිත්රපටයට හිමිවිය.
හොඳම සජීවකරණ චිත්රපටය ලෙස ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන ලැබූ මෙම චිත්රපටය, ඉදිරියේදී පැවැත්වෙන ඔස්කා හා බැෆ්ටා සම්මාන උළෙල වලදී ද එම කාණ්ඩයෙන් තරග කිරීමට නියමිතය.