Tuesday, 19 January 2021
ලලිත්, නිලුක්ෂි යටට දමා ඉෂාරා උඩට අරං ?

ලලිත්, නිලුක්ෂි යටට දමා ඉෂාරා උඩට අරං ? Featured

සුජීව ප්‍රසන්නආරච්චි විසින් රචිත උතුම් පැතුම් නවකතාව අනුසාරයෙන් පුංචි තිරයට නැගෙන උතුම් පැතුම් ටෙලියේ කතාව වෙනස් වෙමින් යන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

අදාල කතාව එසේ වෙනස් මඟකට හැරෙන්නේ මෙහි නිෂ්පාදකයාගේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කරනු ලබන ලලිත් වසන්ත නිසා යැයි එම ටෙලියේ නිෂ්පාදක කණ්ඩායම් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ලලිත් හා එහි ප්‍රධාන භූමිකාවක් රඟන ඉෂාරා සඳමිණි අතර ඇති වැඩි ඇයි හොඳැයිය නිසා එම ටෙලියේ ප්‍රධාන නිළිය වන නිලුක්ෂි ප්‍රනාන්දුගේ රඟපෑම් ඉදිරි කාලයේදී දැක ගැනීම ඉතා අපහසුවන ඇති බවද පැවසේ.

එසේම ලලිත්, ඔහුට කිට්ටුවන්නන්ට වැඩි වාසි ලබාදෙන බවටද කේෂත්‍රයේ රාවයක් පවතින අතර ඒ අනුව මේ දිනවල ඔහු සමාධි පෙරේරා ගැන වැඩි උනන්දුවක් ඇතැයිද එම ආරංචි මාර්ගවලින් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

Last modified on Tuesday, 03 February 2015 09:49