Tuesday, 19 January 2021
පද්මසිරි මට අතවර කළේ නැහැ - ලක්ෂිකා

පද්මසිරි මට අතවර කළේ නැහැ - ලක්ෂිකා

චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වන පද්මසිරි කොඩිකාර තමාට අතවර කළ බවට එක්තරා පුවත්පතක පළකර ඇති පුවත අමූලික බොරුවක් බව යොවුන් නිළියක වන  ලක්ෂිකා ජයවර්ධන ''ශ්‍රී ලංකා මිරර්'' වෙත කියා සිටියාය.

තමාට පද්මසිරි අතවර නොකළ බවත්, ඔහු සිදු කරනු ලැබුවේ තමාගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමට උත්සාහ කිරීමක් බවද ඇය කීවාය.

මේ පුවත නිවරදි කරන ලෙසට අදාල පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයාට තමා දැනුම් දුන්නද එය මෙතෙක් සිදු කර නොමැති බවද ඇය කියා සිටියාය.

කෙසේවුවද, මේ සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට අධිකරණයේ නඩුවක් විභාගවෙමින් තිබෙන බැවින් අදාල පුවත්පත් කර්තෘවරයා විසින් තම චරිතයට කර ඇති හානිය සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ඉල්ලා ඊළඟ නඩු වාරයේදී තමා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරන බවත් අය අවධාරණය කළාය.

එසේම අදාල පුවත එම පුවත්පතින් උපුටා ගනිමින් වෙබ් අඩවි රාශියක පලකර ඇති බැවින් තමා ඒ සම්බන්ධයෙන් සිදුව ඇති අපහාසයට වන්දි නඩුවක් ගොනු කරන්නේ ද යන්න පිළිබඳව සිතා බලන බවද ඇය ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියාය.

LakshikaJayawardena1 600px 15 01 14

Last modified on Thursday, 15 January 2015 10:07