Tuesday, 19 January 2021
චීනයේ සොඳුරු හාර්බින් අයිස්ලන්තය

චීනයේ සොඳුරු හාර්බින් අයිස්ලන්තය

ශීත සමයේ අධික ශීතලෙන් වෙළුනද, චීනය මේ දින වල උත්සවශ්‍රීයෙන් උණුසුම් වී තිබේ.

ඒ, මේ දින වල චීනයේ වාර්ෂිකව පැවැත්වෙන හාර්බීන් ජාත්‍යන්තර හිම හා අයිස් කැටයම් සැණකෙළිය හේතුවෙනි.

ශීත ඍතු සමයේදී අධික සීතලක් ඇති හෙඉලෝන්ජියාන් ප්‍රාන්තයේ අගනුවරවන හාර්බීන් නගරයේ වාර්ෂිකව පැවැත්වෙන මෙම සැනකෙළිය මෙවර පැවැත්වෙන්නේ 31 වැනි වරටයි.

අධික ශීතල නොතකා මෙහි අලංකාරය දැක බලා ගැනීමට මේ දින වල විශාල ජනකායක් ඇදී එන බව විදෙස් වාර්තා දැක්වේ.

අයිස් කුට්ටි යොදාගනිමින් සිදුකළ විවිධාකාර කැටයම් හා මූර්ති මෙහි දැකිය හැකි අතර, අයිස් නිර්මාණයන් විවිධ වර්ණයන්ගෙන් අලංකාර කිරීම සඳහා අර්ධ සන්නායක ඩියොඩ විදුලි බුබුලු යොදා ගැනේ.

මේ වන විට මෙම සැනකෙළිය හිම හා අයිස් මුර්ති ශිල්පීන්ගේ තරගයක් බවට පත් ව ඇති අතර, සැණකෙළිය පවතින කාලයේ දිනපතා පැවැත්වෙන ගිණිකෙළි සංදර්ශන නැටුම් ගැයුම් ආදියෙන් උත්සවයේ චමත්කාරය තව තවත් වැඩිවන බව විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.‍

පහත දැක්වෙන්නේ මෙවර හාර්බින් ජාත්‍යන්තර හිම හා අයිස් කැටයම් සැණකෙළියේ චමත්කාරජනක දසුන් කිහිපයකි.

(ඡායාරූප : Demilked)

ICE1 600px 15 01 12