එබැවින් වෙනස්ම ආකාරයකට එකවරම මල් හා කේක් වලින් සුභපැතිය හැකි වන ලෙස ඇමෙරිකාවේ නිව් යෝක් නුවර බේකරියක් කටයුතු කරයි.
ඒ, බේක් කරන ලද මල් සැකසුමක් ලෙසයි.
‘බේක්ඩ් බොකේ’ ලෙස නම් කර ඇති මෙම බේකරිය, උත්සව අවස්ථා වලදී ලබාදෙන මල් සැකසුමක් ලෙස, මල් ලෙස අයිසින් වලින් සරසන ලද කප් කේක් වලින් සාදනු ලබයි.
‘ඉන්සයිඩර්’ වෙත අදහස් දක්වමින් මෙහි අයිතිකරැවා පවසා ඇත්තේ මෙවැනි අවස්ථා වල මල් ලබාදීමට විකල්පයක් වශයෙන් මෙම කප්කේක් මල් සැකසුම් සෑදීම ආරම්භ කළ බවයි.
‘බේක්ඩ් බොකේ’ විසින් මෙම අලංකාර හා රසවත් මල් සැකසුම් සකස් කරන අන්දම පහත දැක්වේ.