Thursday, 26 April 2018
සමන් කියන්නේ මොනවාද?

සමන් කියන්නේ මොනවාද?

සමන් අතාවුදහෙට්ටිගේ නවතම නිර්මාණ ‘සමන් කියයි ‘ ඇම් ඩී ගුණෙස්න සමාගමේ ප්‍රකාශනයක් ලෙස ඔක්තෝබර් 10 වනදා සවස 5.30 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා බී කමිටු ශාලාවේ දී දොරට වැඩීමට නියමිතය.

දයා (දයා ද අල්විස්) තරුණයි, වික්ටර් (වික්ටර් රත්නායක) ගැඹුරුයි, ප්‍රේමකීර්ති ද අල්විස්) පොඩියි, නන්දා (නන්දා මාලීනි) දුප්පත්, කළණි (කළණි පෙරේරා) හයිබ්‍රිඩ් -යන මාතෘකා ඔස්සේ සමන් කළ කතා පහක් මේ පොතට අඩංගුය.

ජගත කිරීමේ උළෙලේ ප්‍රධාන දේශන පවත්වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න හා මහාචාර්ය සරත් විජේසූරිය විසිනි.

සමන් කියන්නේ මොනවාද කියා දැනගන්නත්, කියවන්න

කැමති රසික රසිකාවන්ට සොදුරැ අවස්ථාව සඳහා එක්වන්නට පුළුවන.

SAMAN KIYAI COVER front

 

Last modified on Monday, 10 October 2016 08:38