Monday, 17 December 2018
සිසු දස්කම් බලන්න රුසියානු බැලේ ගුරුවරියක් මෙරටට

සිසු දස්කම් බලන්න රුසියානු බැලේ ගුරුවරියක් මෙරටට

රුසියානු බැලේ ගුරුවරියක් හා දක්ෂ බැලේ නර්තන නිර්මාණ ශිල්පිණියක් වන ඔක්සානා ඇන්ඩ්‍රෙව්නා කර්නොවිච් මේ දින වල මෙරටට පැමිණ සිටියි.

ඒ, මෙරට රුසියානු බැලේ පාසැලේ බැලේ නර්තනය හදාරණ සිසු සිසුවියන් ඇගයීමටයි. ඇය, රුසියානු බැලේ පාසැලේ සිසුසිසුවියන් 470ක් ඇගයීමට නියමිතය. මෙහි සිසුසිසුවියන් ගේ දස්කම් වැඩිදියුණු කිරීමට ඇය විවිධ වැඩමුළු ද පැවැත්වා තිබේ.

ඔක්තෝබර් 03 දා සිට ලංකාවේ සිටින ඇය හෙට දිනයේදී යළිත් මෙරටින් පිටත්වනු ඇත.

වසර 1982දී බැලේ නර්තනය හැදෑරීම ආරම්භ කර ඔක්සානා මහත්මිය, රුසියාවේ ජනප්‍රිය බැලේ නර්තන සමාගම් කිහිපයක් හා එක්ව රටවල් ගණනාවක සිය නර්තන දස්කම් විදහා දක්වා ඇත.

Ballerina1 600px 16 10 06