Monday, 20 August 2018
සංහිඳියාව කරා යන 'අපේක්ෂාවේ පියාසැරිය'

සංහිඳියාව කරා යන 'අපේක්ෂාවේ පියාසැරිය'

මෙරට සංහිඳියාවේ සංස්කෘතියක්, සමාජ අනුකලනයක් හා විවිධත්වයක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් ‘අපේක්ෂාවේ පියාසැරිය’ නම් කලා උළෙලක් මේ මාසයේදී එළිදැක්වීමට නියමිතය.

මේ සම්බන්ධ මාධ්‍ය හමුවක් ඊයේ (05) කොළඹදී පැවැත්වුණු අතර, මෙහිදී ‘අපේක්ෂාවේ පියාසැරිය’ කලා උළෙලේ නිල වෙබ් අඩවියවන www.wingssrilanka.com එළිදැක්වුණි.

ශ්‍රී ලංකා කලා මණ්ඩලය, ජාතික සමගිය හා සංහිඳියාව කාර්යාලය, GIZ ආයතනය හා කෙයාර් ජාත්‍යයන්තර සමාගම විසින් මෙම කලා උළෙල සංවිධානය කර ඇත.

මෙහි මූල්‍ය දායකත්වය ලබාදෙනු ලබන්නේ යුරෝපා සංගමය විසිනි. වසර තුනක කාලයක් පුරාවට යුරෝපා සංගමය විසින් වෙන් කර ඇති මුදල යූරෝ මිලියන 1.7කි.

ඊයේ පැවති මාධ්‍ය හමුවට ‘අපේක්ෂාවේ පියාසැරිය’ සංවිධානය කරනු ලබන ආයතන වන නියෝජිතයන් හා කලාකරුවන් ද සහභාගී විය.

ස්ථාන 3කදී

මෙවර අපේක්ෂාවේ පියාසැරිය උළෙල ස්ථාන 3කදී පැවැත්වීමට නියමිතය.

කිළිනොච්චිය (ඔක්තෝබර් 21-23) : කිළිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේදී හා කිළිනොච්චිය සමූපකාර ශාලාවේදී

අම්පාර (ඔක්තෝබර් 27-29) : ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේදී

කොළඹ (නොවැම්බර් 07-10): බණ්ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී

කලා අංග රැසක්

ප්‍රාදේශීව පැවැත්වෙන උත්සව වලට කෙටි චිත්‍රපට, ජනකලා හා වේදිකා නාට්‍ය ද පැවැත්වෙන අතර, කලාකරුවන් හා විද්වතුන් විසින් සිදුකරන සාකච්ඡා ද ඇතුළත් වේ.

උත්සවය කොළඹ පැවැත්වෙන දින වලදී ඉහත අංග වලට අමතරව කලාව හා සංහිඳියාව යන තේමාව ඔස්සේ විද්වත් සාකච්ඡාවක් හා දිවයිනේ විවිධ ප්‍රදේශ වලට ආවේනික ආහාර ඇතුළත් ආහාර සැනකෙළියක් ද කොළඹ නෙළුම් පොකුණ මාවතේ දී පැවැත්වීමට නියමිතය.

(ශානි)

Wings1 600px 16 10 06

Last modified on Friday, 07 October 2016 08:54