Wednesday, 23 May 2018
රජරට සරසවියෙන් අලුත් කැමරා ඇසක්: කාල Entertainment

රජරට සරසවියෙන් අලුත් කැමරා ඇසක්: කාල Entertainment Featured

ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයීය සිසුන් පිරිසක් එක්ව කාල එන්ටර්ටේන්මන්ට් නමින් සංසදයක් ආරම්භ කර තිබේ. අතීතය වර්තමානය සහ අනාගතය කැමරා ඇසින් කියවීම යන්න ඔවුන්ගේ තේමා පාඨය වී ඇත.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙහි කටයුතු කරන සියලුම දෙනා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වීමය. පිඨ,පන්ති ආදී කිසිදු භේදයකින් තොරව මෙහි නිර්මාණාත්මක කටයුතු සිදුවන අතර ශිෂ්‍යයින් හතර දෙනෙක් මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරයි.

විවිධ හැකියාවන්ගෙන් යුත් විශාල තරුණ තරැණියන් පිරිසකගෙන් සමන්විත විශ්වවිද්‍යාලයක මෙවන් නිර්මාණ කටයුතු සදහා සම්පත් දායකත්වය සපයන්නට හැකි විශාල පිරිසක් සිටින බැවින් ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමටද මේ හරහා අවස්ථාව උදාවී ඇත.

දැනට කාල එන්ටර්ටේන්මන්ට් හරහා නිර්මාණ දෙකක් සිදු කර ඇති අතර පළමු නිර්මාණය 'හැම හුස්මක' නම් ගීතය වෙනුවෙන් කළ මියුසික් වීඩියෝවකි. එම ගීතයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න

ඊට අමතරව 'නේකඩ් කොස්ටියුම්' නමින් කෙටි චිත්‍රපටයක රෑගත කිරීම්ද මේ වන විට අවසන්  කර ඇති බවත් මෙය ජයග්‍රහණ කිහිපයක් ලබා ගත් පිටපතක් ඇසුරින් නිර්මාණය කරන ලද්දක් බවත් කාල එන්ටර්ටේන්මන්ට් සාමාජිකයන් අප වෙත පවසා සිටියේය.

14580574 1064886910295634 250475436 n1

මොවුන් සතුව විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන්ම සැදුම්ලත් මොඩ්ල් බෑන්ක් එකක්ද මේ වන විට ඇති අතර මේ වන විට 'සිකුරුට්ටා' නම් කෙටි චිත්‍රපටයේ නිරූපන කටයුතු සදහා සූදානම් වන බව පවසා සිටියේය.

දැනට සරසවිය තුළින් බිහිවන නිර්මාණ කටයුතු පමණක් සිදු කර ඇති නමුත් ඉදිරියේදී විශ්වවිද්‍යාලයෙන් පරබාහිර වෙනත් නිර්මාණ කටයුතු සදහාද දායක වීමට සූදානමින් සිටින බව ඔවුන් පවසා  සිටියේය.

විවිධ නිර්මාණ හැකියාවන්ගෙන් යුක්ත විශ්වවිදයාලයීය තරුණ තරුණියන්ව ඉදිරියේදී පුළුල් පරාසයක නිර්මාණ කටයුතු සදහා දායක කර ගනිමින් දිගු ගමනක්යාම කාල එන්ටර්ටේන්මන්ට්හි අපේක්ෂාව වී ඇත.

කාල එන්ටර්ටේන්මන්ට්හි අධ්‍යක්ෂක දිනේෂ් මධුශංකව 0712044992 යන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ කරගත හැකිය.

-මාලි-

k ReY

 

Last modified on Friday, 07 October 2016 08:58