Sunday, 23 September 2018
සචිත්‍රගේ දෙවැනි සිංදුවත් එළියට (වීඩියෝව)

සචිත්‍රගේ දෙවැනි සිංදුවත් එළියට (වීඩියෝව) Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ නවතම මියුසික් වීඩියෝව ඊයේ (03) හවස අන්තර්ජාලයට එක්කර තිබේ.

‘රුහිරු බිඳු කිරි රසට හරවා’ යනුවෙන් මවුගුණ ගීතයක් මෙසේ සචිත්‍ර විසින් එළිදක්වා ඇත.

මෙය ඔහුගේ දෙවැනි මියුසික් වීඩියෝව වන අතර දැනට මාස 4කට පමණ පෙර ඔහුගේ පළමුවැන්න එළිදැක්වීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරමක කෙටි විවේකයක් ලැබී තිබෙන අවස්ථාවේදී සිය දක්ෂතාව ගීතයකින් එළි දැක්වීමට සචිත්‍ර කටයුතු කර තිබේ.

එම මියුසික් වීඩියෝව ඔහුගේ ෆේස්බුක් පිටුවටද ඇතුළත් කර ඇති අතර එම ගීතය පහතින් නරඹන්න.


Media

Last modified on Wednesday, 05 October 2016 08:01