Tuesday, 19 January 2021
සෙලේනා කකුල පෙන්නලා ලෙඩක් දාගෙන

සෙලේනා කකුල පෙන්නලා ලෙඩක් දාගෙන

විනෝදයට බර අතිජනප්‍රිය යොවුන් පොප් ගායිකා සෙලේනා ගෝමෙස් මේ වන විට දැඩි දෝෂදර්ශනයට පත්ව තිබේ.

ඇය සිය කණ්ඩායම සමග පසුගියදා අබුඩාබි වෙත ගොස් ඇති අතර, එම නගරයේ ප්‍රධනතම පූජස්ථානයක් ලෙස සැලකෙන ෂේක් සයේඩ් පල්ලියේදී සිය වළලුකර පෙන්වන ඡායාරූපයක් සිය ඉන්සටර්ග්‍රෑම් ගිණුමේ පළ කර තිබීම මීට හේතුවයි.

මේ සමගම සිය ගමන් සගයන් හා පෙනී සිටින සමූහ ඡායාරූපයක් ද ඇය පළ කර තිබේ.

කෙසේ වෙතත්, ඉස්ලාම් ආගමට අනුව ආගමික සිද්ධස්ථානයකදී වළලුකර පෙන්වීම හා සිනාසෙමින් කෙළිදෙළින් පසුවීම අගෞරවය දනවන ක්‍රියා ලෙස සැලකේ.

කෙසේ වෙතත්, වළලුකර පෙන්වන ඡායාරූපය මේ වන විට ඉවත් කර තිබේ.

මෙලෙස ආන්දෝලනයට තුඩු දුන් ඡායාරූප පහත දැක්වේ.

SelenaGomez2 600px 15 01 02

SelenaGomez1 600px 15 01 02