Tuesday, 19 January 2021
සන්නස්ගලගේ අම්මටත් සොරි !

සන්නස්ගලගේ අම්මටත් සොරි ! Featured

ගුරුවරයෙකු හා ලේඛකයකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් රචිත අම්මා කෘතිය ඇසුරින් දෙරණ රූපවාහිනී නාලිකාවේ සතියේ දින පහේ දී විකාශය වන අම්මා ටෙලිනාට්‍ය ද නවතා දමන ලෙස දේශපාලන බලපෑම් එල්ලවී ඇතැයි දෙරණ නාලිකාවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සන්නස්ගල මහතා ජනාධිපති පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද ප්‍රචාරය වෙනුවෙන් නිර්මාණය කරන ලද  දැන්වීම් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටීම නිසා අදාල ටෙලි නාට්‍ය මැතිවරණය අවසන් වනතෙක් තාවකාලිකව නවතා දමන ලෙස ආණ්ඩුවේ ප්‍රබලයකු විසින් දන්වා ඇතැයි පැවසේ.

කෙසේවවුද මීට පෙර ගිනිඅවි හා ගිනිකෙළි නැමැති ටෙලිනාට්‍ය ද දෙරණ නාලිකාවට තාවකාලිකව අත්හිටුවිමට සිදුවිය.

ඒ එහි ප්‍රධාන චරිතයක් පාර්ලිමෙන්තු මන්ත්‍රී ජනප්‍රිය නළු රන්ජන් රාමනායක විසින් රඟපෑම නිසාය.

කෙසේවුවද මේවන විට ටෙලිනාට්‍ය දෙකකටම රජයෙන් වාරණයන් වැටීම නිසා එම නාලිකාව අදාල විකාශන කාලය පුරවා ගැනීමේ අපහසුතාවයකට ලක්ව සිටින බවද වාර්තා වේ.

අම්මා ටෙලිනාට්‍ය තිළිණ බොරලැස්ස විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර එහි අම්මාගේ චරිතය නිල්මිණි තෙන්නකෝන් විසින් ද තාත්තාගේ චරිතය සරත් කොතලාවල විසින් ද රඟති.

Last modified on Wednesday, 31 December 2014 13:56