Tuesday, 19 January 2021
වැඩියම හොරෙන් අරං තියෙන්නේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් ලු

වැඩියම හොරෙන් අරං තියෙන්නේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් ලු Featured

අන්තර්ජාලයෙන් නීති විරෝධි ලෙස වැඩිම වරක් බාගත කරන ලද ටෙලි නාට්‍යය ලෙස ගේම් ඔෆ් ත්‍රෝන්ස් යළිත් නම් වී ඇතැයි වාර්තා වේ.

මෙම නාට්‍යය මෙලෙස නම් වී ඇත්තේ පිටපිටම තෙවැනි වසරටයි.

අන්තර්ජාලයේ සිදුවන නීතිවිරෝධී පයිරසි කටයුතු (online piracy) සම්බන්ධයෙන් ඉතා විමසිලිමත් ලෙස කටයුතු කරන වෙබ් අඩවියක් වන TorrentFreak.com විසින් මේ බව දන්වා සිටියි.

මෙහි දෙවැනි හා තෙවැනි ස්ථානයට 'ද වෝකින් ඩෙඩ්' හා 'ද බිග් බෑන්ග් තියරි' නම් වී තිබේ.