අංක 883/9, මල් පාර, ඇතුල්කෝට්ටේ යන ලිපිනය දරණ ස්ථානයේ පිහිටි මෙම කලාගාරය එදින පෙ.ව. 10.00ට විවෘත කෙරේ.
‘නිවාඩු කාලය 8 බාලකාලය’ නමින් පොතක් ද එදින එළිදැක්වේ. එය ප්‍රංශ භාෂාවෙන් සිංහලට පරිවර්තනය වූවකි.
තෙල් සායම් හා මූර්ති ඇතුළත් මෙම ප්‍රදර්ශනය අගෝස්තු 03 දා දක්වා පැවැත්වෙනු ඇත.
‘Paris 17 Artistes Circle’ නම් කලාකරු කවයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වන විජේසිංහ මහත්මිය, පැරිසියේ ප්රමුඛ පෙළේ කලාගාර වල පැවැත්වුණු ප්‍රදර්ශන රැසකට සහභාගී වී තිබේ.
ප්‍රංශයේ ලෝක සංස්කෘතික මධ්‍යස්ථානයේ (France World Cultural Centre) ලෝකඩ ඩිප්ලෝමා සහතිකපත්ලාභිනියක් වන ඇය, තමාටම ආවේනික ශෛලියක් අනුගමනය කරන අතර, ඇගේ චිත්‍ර, දෙස් විදෙස් කීර්තියක් හිමිකර ගැනීමට සමත්ව ඇත.