ඒ, දකුණු ඉන්දීය සිනමාවේ දැවැන්තයෙකු වන රජිනිකාන්ත් රඟදක්වන කබාලි චිත්රපටය හෙට දිනයේදී එළිදැක්වෙන හෙයිනි.
මෙම චිත්රපටය නැරඹීමට විශාල සේවකයන් පිරිසක් විසින් එකවර නිවාඩු ඉල්ලා සිටීම, බොරු ලෙඩ නිවාඩු දැමීම හා ජංගම දුරකථන ක්රියා විරහිත කර හෙට දිනයේදී රැකියාවට නොපැමිණීම යන කරුණු වළක්වා ගැනීමට සේවකයන් හට නිවාඩු ලබා දුන් බව එම ව්යාපාරික ආයතන පවසයි.
චිත්රපට 170කට වැඩි ප්රමාණයක රඟපා ඇති රජිනිකාන්ති රඟන කබාලි මේ වන විට දැවැන්ත උන්මාදයක් බවට පත්ව අවසන්ය.
චිත්රපට අයිතීන් අලෙවි කිරීමෙන් මේ වන විටත් ’කබාලි’ ඩොලර් මිලියන 30ක් පමණ උපයා ඇතැයි වාර්තා වේ.