මෙහි රූගත කිරීම් ද වෙනත් අවුරුදු වලට වඩා පමාවී ඇරඹීමට නියමිතය. මෙවර ග්‍රීෂ්ම සමය අගභාගයේ දී උතුරු අයර්ලන්තයේ, ස්පාඤ්ඤයේ හා අයිස්ලන්තයේදී ඇරඹීමට නියමිතය.
මේ හේතුවෙන් සත්වැනි ගේම් ඔෆ් ත්‍රෝන්ස් මාලාවද පමා වී ඇරඹෙනු ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.
මේ අතර, පසුගියදා එළිදැක්වුනු ප්රයම්ටයිම් එමී සම්මාන නිර්දේශයන් අතරින් ගේම් ඔෆ් ත්‍රෝන්ස් සඳහා නිර්දේශ 23ක් හිමි වී තිබේ.
ජෝර්ජ් ආර්. ආර්. මාටින් විසින් රචනා කරන ලද 'අ ගේම් ඔෆ් ත්‍රෝන්ස්' ෆැන්ටසි නවකතා මාලාවේ රූපවාහිනී අනුවාදය වන මෙම ටෙලිනාට්‍ය මාලාව ඇමෙරිකාවේ HBO නාලිකාව විසින් විකාශයට පත් කෙරේ.
(යාහූ පුවත් සේවය ඇසුරෙනි)