Sunday, 26 September 2021
ඇබා නැවත එක් වෙයි

ඇබා නැවත එක් වෙයි

ලොව සුප්‍රකට සංගීත කණ්ඩායමක් වූ ඇබා වසර 30කට පසු නැවත එක්වී ප්‍රසිද්ධ වේදිකාවක ගී ගයා ඇති බව වාර්තා වේ.

ඇබා සංගීත කණ්ඩායම 1972 වසරේ ස්වීඩනයේ ස්ටොක්හෝම් හිදී පිහිටුවනු ලබනුයේ ඇග්නේතා ෆෙල්ස්කෝ (Agnetha Fältskog), බියෝන් උල්වියෝස් (Björn Ulvaeus,) බෙනී අන්දශෝන් (Benny Andersson) සහ ඔන්නි ෆ්රීද් ලීග්සා (Anni-Frid Lyngstad )නම් ගායක ගායිකාවන් හතර දෙනා විසිනි.

ඔවුන් මෙලෙස නැවත එක්වී ඇත්තේ බෙනී අන්දශෝන් සහ බියෝන් උල්වියෝස් ගීත රචකයින්‍ දෙදෙනාගේ වසර 50ක හවුල සමරමින් පසුගිය ඉරිදා ස්වීඩනයේ පැවති සාදයකදීයි.

එහිදී ඔවුන් Me and I ගීතය ගායනා කර තිබේ.

1983 වසරේදී ඇබා කණ්ඩායම බිදී ගිය පසුව උල්වියෝස් සහ අන්දශෝන් සාර්ථක ලෙස ගීත රචනයේ සහ සංගීත නිර්මාණයේ යෙදෙන අතර ෆෙල්ස්කෝ සහ ලීග්සා තවදුරටත් ගායනයේ යෙදන නමුත් පෙර සාර්ථකත්වය ලබා ගැනීමට සමත් නොවුනි.

Last modified on Wednesday, 08 June 2016 08:44