Tuesday, 19 January 2021
දිල්හානි නිසා කැලුම්ට ගින්දරක් !

දිල්හානි නිසා කැලුම්ට ගින්දරක් ! Featured

රජයට අයත් ස්වාධින රුපවාහිනිය (අයි.ටි.එන්. ) මගින් විකාශය කිරිමට අනුමැතිය ලබාදී තිබු 'දේවිය සුගලා' නමැති ටෙලි නාට්‍යට විකාශය නොකිරීමට  එහි පාලනාධිකාරිය තීරණය කර ඇතැයි වාර්තාවේ.

කැලුම් පාලිත මහිරත්න විසින් අධ්‍යක්ෂණය කල එම නාට්‍ය ඉදිරි සතියේ සිට විකාශය කිරීමට සියලු කටයුතු යොදා තිබී ඇත.

ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට ඉදිරිපත් වූ ප්‍රවීණ රංගන ශිල්පිණි දිල්හානි අශෝකමාලා ඒකනායක එම නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරුපනය කිරීම මෙම වාරණය හේතුවී ඇති බවද පැවසේ.

"ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කළාකරුවන්" සංවිධානයේ මාධ්‍ය හමුවක් පසුගිය 16දා කොට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැති අතර, එහිදී අදහස් දැක්වූ දිල්හානි ඒකනායක ඉදිරි ජනපතිවරණයේදී සිය සහය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලබාදෙන බව ප්‍රකාශ කළාය.

 මෙහිදී අදහස් දැක්වූ දිල්හානි අශෝකමාලා මෙසේ පැවසිය.

 "මගේ ජීවිතේ කවදාවත් නොකරපු දෙයක් මම අද කරනවා..ඇත්තටම මේ මාසයක් ඇතුලත මගේ සිතුවිලි මම සිතන විදිය හුඟක් වෙනස් උනා. එකට මුලික වුන හේතුවක් මට මෑත කාලයේ දකින්න ලැබුනා. ඒ එක දවසක් මම බොරැල්ලේ යනකොට එකතැනක උද තියනවා. ඒවාට කියන්නේ ලම්බෝගිනි කාර් කියලා.. එතන යට පොඩි පෙට්ටි කඩයක දුප්පත් කම්කරුවෝ ටිකක් බනිස් කාල ප්ලේන්ටි බොනවා..

 දැන් මේක මමයි මගේ පුතයි තමයි දැක්කේ..මට එච්චර එක ඔලුවට ආවේ නෑ..එත් මගේ දරුවා කියනවා.." අම්ම උඩ ලම්බෝගිනි යට කුසගිනි..මම පුදුම උනා මේ පොඩි එක මේ ටිකට මෙහෙම කිව්වේ කියලා..එදා ඉදල මම හිතන්න පුරුදු උනා.. මම කලාකාරියක් හැටියට කලාව කරගෙන ගෙදර වැඩ කරගෙන දේශපලානය ගැන හොයන්න නැතුව හිටි හරිම අක්‍රිය චරිතයක්..ඊට පස්සේ මම යම් කිසි ප්‍රමාණයකට මේ දේවල් තුලින් සක්‍රිය වෙන්න පටන් ගත්ත මොකද මම මේ රටට උදේ හවස වඳින කෙනෙක්..මම හිතුව මම මේ මොහාතේදී නිහඬ වෙන්න ඕන නෑ කියලා.."

දිල්හානි අශෝකමාලාගේ හඬට සවන්දෙන්න.

Image00001

Image00002

Image00003

Image00004

Image00005

Image00006


Media

Last modified on Thursday, 25 December 2014 17:43