Sunday, 18 February 2018
ලක් නිපැයුම් වසා දමයි : ඉඩ හමීඩියා සාප්පුවකට

ලක් නිපැයුම් වසා දමයි : ඉඩ හමීඩියා සාප්පුවකට Featured

ලංකාවේ නිර්මාණ කරුවන්ගේ නව නිර්මාණ අලෙවි කිරීමට සකස්කර තිබූ කටුබැද්දේ ලක් නිපැයුම් අලෙවි මධ්‍යස්ථානය වසා දැමීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ලක් නිපැයුම් අලෙවි මධ්‍යස්ථානය ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ආයතනයක් වන අතර අදාළ තීන්දුව සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට එහි සභාපති මහින්ද ජිනසේන මහතා සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.

එසේම ඒ මහතාගේ ජංගම දුරකථනයට ද කෙටි පණිවුඩයක් තැබූ අතර පුවත පලවන තෙක් ඒ සඳහා පිළිතුරු නොලැබිණි.

මෙරට නිර්මාණකරුවන්ගේ භාණ්ඩ අලෙවියට ඇති එකම ස්ථානය මෙය බව වාර්තා වන අතර මෙහි ශාඛාවක් පිටකොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේද තිබිණි.

එම මධ්‍යස්ථානයද මේවන විට වසා දමා ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

කටුබැද්දේ පිහිටි ලක් නිපැයුම් අලෙවි මධ්‍යස්ථානය වසා දමා ඒ වෙනුවෙන් වෙන්කර තිබූ ඉඩ ෆවුසුල් හමීඩ් මහතාට අයත් “හමීඩියා” නිමි ඇඳුම් සාප්පුවක් වෙනුවෙන් ලබාදීමේ සැලැසුමක් ඇති බවද පැවසේ.

- කැළුම් ශිවන්ත

Last modified on Tuesday, 25 October 2016 14:57