Monday, 19 February 2018
මයික්‍රොසොෆ්ට් කොටස් අගය වර්තාගත ලෙස ඉහළ යයි

මයික්‍රොසොෆ්ට් කොටස් අගය වර්තාගත ලෙස ඉහළ යයි

මයික්‍රොසොෆ්ට් සමාගමේ කොටස් අගය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

සැප්තැම්බර් මාසය දක්වා මාස 3ක කාලයක් තුළදී ඇමෙරිකානු ඩොලර් බිලියන 4.7ක ලාභයක් ලැබූ බව එම සමාගම කියයි.

මෙහි කොටස් අගය 6%කින් ඇමෙරිකානු ඩොලර් 60.73ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, මෙය මයික්‍රොසොෆ්ට් සමාගමේ කොටසකට වැඩිම අගයක් හිමිවූ අවස්ථාව බවත් විදෙස් වාර්තා වල දැක්වේ.

මීට කලින් මෙහි කොටසකට වැඩිම අගයක් හිමිවූයේ 1999දී ය. ඒ, ඇමෙරිකානු ඩොලර් 59.97කි.

වසර 2014 දී මයික්‍රොසොෆ්ට් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සත්‍යා නඩෙලා පත්වන විටදී මයික්‍රොසොෆ්ට් සමාගමේ කොටස් අගය ඇමෙරිකානු ඩොලර් 37කටත් අඩුව පැවතුණි.

Last modified on Saturday, 22 October 2016 09:33