Saturday, 17 November 2018
ශ්‍රී ලංකන් හා මිහින් එයාර් සැම්සුන් නෝට් 7 තහනම් කරයි

ශ්‍රී ලංකන් හා මිහින් එයාර් සැම්සුන් නෝට් 7 තහනම් කරයි

තාක්ෂණික ගැටළු වාර්තා වූ සැම්සුන් ගැලැක්සි නෝට් 7 උපාංගය, ශ්‍රී ලංකන් හා මිහින් එයාර් ගුවන් යානා තුළට ගෙන යාම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය කියා සිටියි.

මෙම උපාංගය, ඇමෙරිකාවේ සියළු ගුවන් යානා තුළට ගෙන යාම තහනම් කරමින් පසුගිය සිකුරාදා දින එරට ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිල නිවේදනයක් නිකුත් කර තිබුණි.

පසුගිය සතිඅන්තයේදී ඔස්ට්‍රේලියාවේ, ආසියාවේ හා යුරෝපයේ ගුවන්යානා සමාගමක් ද මෙම උපාංගය සිය ගුවන් යානා තුළට ගෙන යාම තහනම් කර තිබුණි.

මේ අතර,ගැලැක්සි නෝට් 7 උපාංගය නිෂ්පාදනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි සැම්සුන් සමාගම පවසන බවද පසුගියදා විදෙස් වාර්තා වල සඳහන් විය.

-ශානි-

සබැඳි පුවත් :

සැම්සුන් නෝට් 7 ට විරාමයක්

Last modified on Wednesday, 19 October 2016 08:04