Monday, 26 August 2019
සැම්සුන් නෝට් 7 ට විරාමයක්

සැම්සුන් නෝට් 7 ට විරාමයක්

පසුගිය දින වල තාක්ෂණික ගැටළු වාර්තා වූ නෝට් 7 උපාංගය නිෂ්පාදනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි සැම්සුන් සමාගම පවසයි.

ආරක්ෂක පාලනාධිකාරීන් සමග පැවැත්වුනු සාකච්ඡා වලින් අනතුරුව සැම්සුන් සමාගම මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ආරක්ෂක ගැටළු වලට පිළිතුරු සොයමින් යහපත් නිෂ්පාදන තත්ත්වයක් ලබාදීමට නිෂ්පාදන කාලසටහන වෙනස්කිරීමට සිදුවී යැයි සැම්සුන් පවසන බව බීබීසී පුවත් සේවය සඳහන් කරයි.

බැටරි වල ඇති වූ දෝෂයක් හේතුවෙන් දෝෂ සහිත නෝට් 7 ස්මාර්ට්ෆොන් උපාංග වෙනුවට එම මාදිලියේ නව ස්මාර්ට්ෆොන් උපාංග ලබාදීමට සැම්සුන් සමාගමට සිදුවිය.

කෙසේ වෙතත්, එසේ ලබාදුන් ස්මාර්ට්ෆොන් උපාංග ද දෝෂ හටගත් බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.

-ශානි-