Wednesday, 23 May 2018
වෑගපිටිය ළඟදීම නැව් 10ක් ගන්න යයි !

වෑගපිටිය ළඟදීම නැව් 10ක් ගන්න යයි ! Featured

තවත් වසර දෙකහමාරක් ඇතුළත නැව් 10ක් ගන්නා බව ලාෆ් සමූහ ව්‍යාපාරයේ අධිපති ඩබ්ලිව්.ඒ.එච්. වෑගපිටිය මහතා කියයි.

ඉන්දියන් සාගරයේ ගෑස් ප්‍රවාහණයට මේ නැව් ගන්නා බවද ඒ මහතා සඳහන් කරයි.

දකුණු ආසියාවේ ඇති විශාලතම බලශක්ති බෙදා හැරීමේ මධ්‍යස්ථානය මේ දිනවල හම්බන්තොට ඉදිකෙරෙමින් පවතින බවත්, එය 2018 වසරේදී සම්පූර්ණ වන බවත් ඒ මහතා කියා සිටී.

ඉන් පසුව ඉන්දියන් සාගරයටම ගෑස් ප්‍රවාහණය කිරීම තම අරමුණ බවද ඔහු සඳහන් කරයි.

ඒ සඳහා නැව් 10ක් හෝ 15ක් අවශ්‍ය වන බවත් ඔහු පවසයි.

රුපියල් 20න් පටන්ගත් වෑගපිටිය

වෑගපිටිය මහතාගේ පළමු රැකියාව නැව් සංස්ථාවේ නැව්වල මලකඩ කැඩීම බව පැවසෙන අතර, ඔහු 1986දී කළ ඒ පළමු රැකියාවේ දිනක වැටුප රුපියල් 20ක් බවද පැවසේ.

ඔහුගේ මුල්ම ව්‍යාපාරය රේගු නිෂ්කාශන කටයුතු කිරීමයි.

වෑගපිටිය මහතා Ada Derana Sri Lankan of the year 2016 විශිෂ්ට ශ්‍රී ලාංකික ව්‍යවසායකයා ලෙසද පසුගියදා සම්මාන දිනාගත්තේය.

 

Last modified on Monday, 10 October 2016 08:38