Monday, 20 August 2018
යුනිවර්සල් රෝබොට්ස් විසින් මෙරටට ‘co-bots’ තාක්ෂණය

යුනිවර්සල් රෝබොට්ස් විසින් මෙරටට ‘co-bots’ තාක්ෂණය

ඩෙන්මාර්ක රොබෝ නිෂ්පාදන සමාගමක් වන යුනිවර්සල් රෝබොට්ස් විසින් collaborative robots හෝ ‘co-bots’ ලෙස හැඳින්වෙන රොබෝ තාක්ෂණය මෙරටට හඳුන්වා දී තිබුණි.

පෙරේදා දින (06) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කෙරුණි. මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය - චම්පික ප්‍රේමදාස මහතා හා යුනිවර්සල් රෝබොට්ස් හි සාමාන්‍යාධිකාරී - ප්‍රදීප් ඩේවිඩ් ඇතුළු අමුත්තක් රැසක් සහභාගී විය.

මෙහිදී අදහස් දක්වමින් ප්‍රදීප් ඩේවිඩ් මහතා පැවසුවේ co-bots යොදාගනිමින් නිෂ්පාදනය 85% පමණ දක්වා වැඩිකරගැනීමට හැකි වනු ඇතිබවත්, මෙම නිෂ්පාදනය භාවිතයට ගැනීම සඳහා සූදානම් කර ගැනීම (setup) ඉතා පහසු බවයි.

යුනිවර්සල් රෝබොට්ස් සමාගම විසින් UR3, UR5 හා UR10 ලෙස co-bot නිෂ්පාදන තුනක් ඇත.

ශ්‍රී ලංකාවේ වෙළඳපොල තරගකාරීත්වය, නිෂ්පාදනය හා උසස් තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය වේදිකාවක් ගොඩනැගීමට හැකිවීම පිළිබඳව ද ඉමහත් සතුටු වන බව එම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

-ශානි-