Monday, 26 August 2019
මිහින් ලංකා සේවකයන්ගේ රැකියා සුරක්ෂිතයි

මිහින් ලංකා සේවකයන්ගේ රැකියා සුරක්ෂිතයි Featured

කිසිදු අන්දමකින් මිහින් ලංකා සේවකයන්ගේ රැකියා පිළිබඳ ගැටලුවක්‌ පැන නොනගින බව ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා සදහන් කර සිටියි.

මිහින් ලංකා ගුවන් සමාගම මගින් පවත්වාගෙන ගිය සියලුම ගුවන් ගමන් සේවා ලබන 30 වැනිදා සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙත පවරා දීමට රජය තීරණය කරීම සමග මිහින් ලංකා ගුවන් සමාගමේ සේවකයන් තුන්සියයකට ආසන්න පිරිසකට රැකියා අහිමි වීමේ තත්ත්වයක්‌ උදා වී ඇතැයි මිහින් ලංකා සේවකයින් නගන දුක් ගැනවිල්ල සම්බන්ධයෙන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම ඒ බව පවසා සිටියේය.

එකම ආයතනයක්‌ ලෙස :

ගුවන් සේවා දෙකක්‌ පවත්වාගෙන යැමේදී දැරීමට සිදුවන පිරිවැය සහ දිගින් දිගටම පාඩු ලැබීම සැලකිල්ලට ගෙන මිහින් ලංකා කටයුතුද ශ්‍රී ලංකන් ගුවන් සේවය යටතේ පවත්වාගෙන යැමට රජය තීරණය කළේ වත්මන් රජයේ කටයුතු ආරම්භයේදීම බවද හෙතෙම සඳහන් කළේය.

මිහින් ලංකා මෙහෙයුම් සඳහා බදු පදනමට ලබා ගත් ගුවන් යානා දෙකක්‌ කාලය අවසන් වීම නිසා පසුගියදා නැවත භාරදුන් බව පැවසු ලේකම්වරයා මූල්‍යමය අලාභය මගහරවා ගැනීම සඳහා මිහින් ලංකා ශ්‍රී ලංකන් වෙත පැවරීමට තීරණය කළ බවද පැවසීය.

මේ අනුව ඉදිරියේදී මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් යන ආයතන දෙකම ශ්‍රී ලංකන් යටතේ එකම ආයතනයක්‌ ලෙස මෙහෙයුම් කටයුතු සිදු කරනු ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Last modified on Thursday, 06 October 2016 08:53