Monday, 09 December 2019
එයාර්බස් A350 ඇණවුම එපා කියන්න AerCap හා සාකච්ඡා

එයාර්බස් A350 ඇණවුම එපා කියන්න AerCap හා සාකච්ඡා

එයාර්බස් A350 වර්ගයේ ගුවන් යානා තුනක් බද්දට ගැනීම සඳහා ලබා දුන් ඇණවුම අවලංගු කිරීම සඳහා මෙරට ප්‍රධාන ගුවන් සේවා සමාගම වන ශ්‍රී ලංකන් ගුවන් සේවය, නෙදර්ලන්තයේ AerCap ගුවන්යානා ලීසිං සමාගම හා සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

මින් එක් යානයක් ඔක්තෝබර් මාසයේදී ලැබීමට නියමිත නමුත්, මෙම යානා සිය ජාලයට නුසුදුසු වන හා පාවිච්චි කිරීමේදී අධික වියදමක් දැරීමට සිදුවන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වන විටත් නිර්ණය කර ඇත.

“අපට මෙම ගුවන් යානා වල මෙහෙයුම් සිදුකරන්න ගියොත් ලබන පාඩු තවත් වැඩි වේවි,” යැයි  ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති - අජිත් ඩයස් මහතා මාධ්‍යවේදීන් වෙත පවසා තිබේ.
 
AerCap සමාගමෙන් ඇණවුම් කළ මෙවැනි එක් යානයක් සඳහා වූ ඇණවුමක් මේ වන විටත් අවලංගු කර ඇති අතර, ඒ සඳහා දඩමුදල් ලෙස ඩොලර් මිලයන 17.5ක් ගෙවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිදුවිය.

ශ්‍රී ලංකන් විසින් එයාර්බස් සමාගමෙන් ද ඍජුවම තවත් එයාර්බස් A350 වර්ගයේ යානා 04ක් ඇණවුම් කර තිබුණි.

මෙම යානා පසුගිය රජයේ පාලන සමය තුළදී ඇණවුම් කර තිබුණු නමුත්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව අධ්‍යක්ෂක මණ්ඩලයේ හා කළමණාකාරිත්වයේ මූලික අරමුණක් වන්නේ අනවශ්‍ය වියදම් කපාහැරීමයි.

(මූලාශ්‍රය : ඉකොනෙමි නෙක්ස්ට්)

 

Last modified on Monday, 12 September 2016 08:35