Friday, 13 December 2019
මෙරට ඇඟලුම් සන්නාම වලට රෝයල් ටර්ෆ් ක්ලබ් හයිය

මෙරට ඇඟලුම් සන්නාම වලට රෝයල් ටර්ෆ් ක්ලබ් හයිය Featured

මෙරට ප්‍රධාන ඇඟලුම් සන්නාම නාම හා එක්ව විලාසිතා දැක්මක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය හා රෝයල් ටර්ෆ් ක්ලබ් සූදානම් වේ.

මේ බව ඊයේ (07) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කෙරුණු අතර ඉන් අනතුරුව කුඩා විලාසිතා දැක්මක් ද පැවැත්වුණි. මෙහි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

සැප්තැම්බර් 21දා ප.ව. 6.30 සිට කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වෙන Royal Turf Club SLABA Runway 2016 නම් මෙම විලාසිතා දැක්මේ ප්‍රධාන අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගී වීමට නියමිතය.

මෙම අවස්ථාවට Reborn, EKKO, Emerald, Signature, Manzari, Trendy, Rough, Arista, LiCC Jeans, Rainco, JEZZA, Avirate, GFlock, Dmaxx, Aurora, Anationz, Perri Allen, Vantage, Uptown Kandy හා Andre යන සන්නාම නාම වලට අයත් විලාසිතා ඉදිරිපත් වනු ඇත.

නවීන විලාසිතා යනු ලොවපුරා පැවැත්වෙන තුරග තරගවලි හා සමීපව බැඳී පවතින්නක් බැවින් මෙම පියවර ගත් බව සංවිධායකයන් කියයි.

SLBA1 600px 16 09 08

Last modified on Friday, 09 September 2016 09:20