Monday, 09 December 2019
iPhone 7 එයි! (වීඩියෝ)

iPhone 7 එයි! (වීඩියෝ)

මාස ගණනක් පුරාවට ඇතිවූ විවිධ වාර්තා, කටකතා වලට අනතුරුව ඇපල් සමාගමට අයත් නවතම අයිෆෝන් උපාංගය වන iPhone 7 එළිදක්වා තිබේ.

ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවති උත්සවයකදී මෙම උපාංගය හඳුන්වා දී ඇත.

මෙහි හෙඩ්ෆෝන් සම්බන්ධ කරන සොකට් නොමැති අතර, සාම්ප්‍රදායික රැහැන් සහිත හෙඩ්ෆෝන් උපාංග වෙනුවට ඉයර්පොඩ්ස් නම් රැහැන් රහිත උපාංගයක් හඳුන්වා දී තිබේ.

වඩාත් ප්‍රබල කැමරාවක්, හෝම් බොත්තමක් හා ප්‍රොසෙසරයක් ද නව ස්ටීරියෝ ස්පීකර්ස් වලින් ද සමන්විත වන iPhone 7 මිලදී ගත හැක්කේ 32gb, 128gb, 256gb යන ධාරිතා වලිනි.

දූවිල්ලට හා ජලයට ඔරොත්තු දෙන iPhone 7 ස්මාර්ට්ෆෝනය, සාමාන්‍ය සිල්වර්, ගෝල්ඩ් හා රෝස් ගෝල්ඩ් වර්ණයන්ට අමතරව බ්ලැක් හා ජෙට් බ්ලැක් වන නව වර්ණ දෙකකින් ද ලබාගත හැක.

iPhone 7 යනු ඇපල් සමාගම විසින් මේ දක්වා නිර්මාණය කළ හොඳම අයිෆෝන් උපාංගය බව එහි ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් පවසයි.

iPhone 7 හි විශේෂ ලක්ෂණ ඇතුළත් වීඩියෝව පහතින් :

iPhone 7 උපාංගයේ මිල ඇමෙරිකානු ඩොලර් 649 සිටත් iPhone 7 Plus උපාංගයේ මිල ඇමෙරිකානු ඩොලර් 769 සිටත් ආරම්භ වේ.

මේ අතර, මෙම උත්සවයේදී ඇපල් සමාගම විසින් සිය නවතම ස්මාර්ට් වොච් උපාංගයද එළිදක්වා තිබුණි.

(ඡායා : ඩේලිමේල්)

Last modified on Friday, 09 September 2016 09:17