Friday, 13 December 2019
ඩෝප් බලන්න එන්න එපා : ගුවන් නියමුවෝ අකුරට වැඩ !

ඩෝප් බලන්න එන්න එපා : ගුවන් නියමුවෝ අකුරට වැඩ !

තමුන් බීමත් දැයි පරීක්ෂා කිරීමට ගුවන්තොටුපල ආරක්ෂක අංශය දියත් කරන ක්‍රමවේදයට විරෝධය පල කරමින්, ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් හෙට (09) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්‌ ඇරඹීමට නියමිතය.

පසුගිය මස 19 දා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්හි සිට මගීන් 259 හා කාර්ය මණ්ඩලයේ 14 ක් සහිතව UL 554  දරන A330 යානය පැදවීමට නියමිතව සිිටි කපිතාන් උපේන්ද්‍ර රණවීර බීමතින් සිට හසුවූ අතර, ඔහු ගේ බීමත්කම නිසා යානය පැය 15 ක කාලයක් ප්‍රමාදවිය.

එසේම, රුපියල් මිලියන ගණනක් ප්‍රමාද ගාස්තු ලෙස මගීන්ට ගෙවන්නට ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිදුවිය.

පිළිගත් ක්‍රමවේදයකට කරන්න :

එම සිද්ධියෙන් පසු ගුවන්තොටුපළ ආරක්‍ෂක අංශය මගින් අවිධිමත් ලෙස ගුවන් නියමුවන් පරීක්‍ෂාවට ලක්‌ කිරීමට පටන් ගෙන තිබෙන අතර ඊට එරෙහිව අදහස්‌ දැක්‌වූ තවත් ගුවන් නියමුවකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇත.

ගුවන් නියමුවන් පරීක්‍ෂා කිරීමේ කිසිදු වරදක්‌ නොමැති බවත්, බීමත්ව සිටීදැයි පරීක්‍ෂා කිරීමට ආරම්භ කර ඇති ක්‍රමවේදය ලෝකයේ පිළිගත් ක්‍රමවේදයට අනුව සිදු කරන ලෙස ගුවන් නියමු වෘත්තීය සමිතිය රජයෙන් ඉල්ලා සිටියි.

දැනට අවිධිමත් ආකාරයෙන් කෙරෙන පරීක්‍ෂණවලට විරෝධය පළ කරමින් හෙට (09) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමට ගුවන් නියමු සංගමය තීරණය කර ඇති අතර ඊට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බවද ගුවන් නියමු සංගමය කියා සිටී.

Last modified on Friday, 09 September 2016 09:21