ගුවන් සමාගමේ ගෝලීය ගුවන් ගමන් ජාලය ප්‍රතිසංස්කරණය කිරීම සහ පාඩු අවම කර ආදායම් උත්පාදනය තුළින් ලාභ උපරිමයෙන් අත්පත් කරගැනීම මෙම අපේක්ෂාවන් වේ.
මෙම සංවත්සර සැමරුමට සමගාමීව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආශීර්වාද ලබාගැනීම සඳහා බහු ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. මීගමුවේ ශ්‍රී ගණපති කෝවිලේ දි හින්දු ආගමික පූජාවක්ද කටුනායක කුරන මොතෝදිස්ත පල්ලියේ දි ක්‍රිස්තියානු ආගමික පූජාවක් ද සැප්තැම්බර් 2 වැනි දා කටුනායක ශ්‍රී ලංකන් මූලස්ථානයේ දී සර්ව රාත්‍රික පිරිත් ධර්ම දේශනයක්ද පැවැත්විමට නියමිතය. සැප්තැම්බර් මස 9 වැනිදා කොළඹ රමාඩා හෝටලයේදී ඉස්ලාම් ආගමික වැඩසටහනක් ද මේ අනුව පවත්වනු ලැබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය දශක හතරක් පුරාවට රටේ සංචාරක ප්‍රජාව, සීග්‍රයෙන් සංවර්ධනය වන සංචාරක කර්මාන්තය, විදේශ ශ්‍රමික ක්ෂේත්රය සහ සමස්ථ ආර්ථිකයට කැපවීමෙන් පිළිගත් වැදගත් සේවයක් ලබාදිමට කටයුතු කර ඇත. වර්තමානයේදී ගුවන් සමාගම එහි ගුවන් ගමන් ජාලය ආසියාව, මැද පෙරදිග, දකුණු ආසියාව සහ ඈත පෙරදිග දක්වා උපරිම ඵලදායි ලෙස ව්‍යාප්ත කිරීමට කටයුතු කරනු ලබයි.
වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ ප්රමුඛ සාමාර්කයෙකු වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම එහි ගුවන් ගමන් ජාලය ලෝකය පුරා රටවල් 48 ගමනාන්ත 100 දක්වා ව්‍යාප්ත කර ඇත. ගුවන් සමාගම සතුව නවීන පහසුකම් සහ විනෝදාස්වාදක පද්ධතිවලින් සමන්විත නවීන එයාර්බස් ගුවන්යානා ඇණියක් ඇත. ගුවන් සමාගමේ ලෝක පිළිගැනීමට පාත්‍ර වූ උණුසුම් ආගන්තුක සත්කාරය සමගින් ගුවන් මගීන්ට සුවපහසු ගුවන් ගමනක අත්දැකීමක් ලබා දේ.