Monday, 09 December 2019
ආනන්ද, NDB සභාපති ධූරයට

ආනන්ද, NDB සභාපති ධූරයට Featured

ජාතික සංවර්ධන බැංකුවේ (NDB) නව අධ්‍යක්ෂවරයකු හා සභාපතිවරයා ලෙස ආනන්ද අතුකෝරාළ මහතා පත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි වී ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව ජාතික සංවර්ධන බැංකුව විසින් කොටස් වෙළඳපොල වෙත යොමු කළ නිවේදනයක දැක්වේ.

ඊයේ (31) යොමු කර ඇති මෙම නිවේදනයේ දැක්වෙන්නේ අද දින (01) සිට මෙම පත්වීම බලපැවැත්වෙන බවයි.

මීට කලින් කොටස් වෙළඳපොල වෙත නිවේදනයක් යොමුකරමින් ජාතික සංවර්ධන බැංකුව පවසා තිබුනේ සිය අධ්‍යක්ෂක / ප්‍රධාන විධායක නිලධාරී - රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා ලබන නොවැම්බර් 30 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අදාළ ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

ත්‍යාගරාජා මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ වසර 3ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුවයි.

ජාතික සංවර්ධන බැංකුවේ හිටපු සභාපතිවරයා වන එන්.ජී. වික්‍රමරත්න මහතා ද තවද, වසර 70 ඉක්මවීමට පෙර අගෝස්තු 31 දා සිට බලපැවැත්වෙන පරිදි අදාළ ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවද එහි වැඩිදුරටත් දක්වා තිබුණි.

බැංකුව විසින් මේ සම්බන්ධව සිදුකළ නිවේදන පහත දැක්වේ.

මේ අතර,  'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවන්නේ ත්‍යාගරාජා මහතාගේ ධූරයට පසුගිය කාලයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ හිමාලි ප්‍රනාන්දු මහත්මිය පත්වනු ඇති බවයි.

NDBdoc1 600px 16 09 01

NDBdoc2 600px 16 09 01

NDBdoc3 600px 16 09 01

Last modified on Friday, 02 September 2016 07:32